නිවාස සංවර්ධන වැඩසටහන

අඩු ආදායම්ලාභීන් සඳහා නිවාස ණය වැඩසටහන

2012 වර්ෂයේ  සිට මෙම අමාත්‍යාංශය හා සමුපකාර දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි සී/ස විවිධ සේවා සමුපකාර සමිති / ග්‍රාමිය බැංකු සමිති වල ග්‍රාමිය බැංකු හරහා  අඩු අදායම්ලාභීන් සඳහා සහන පොළියක් යටතේ (4%) නිවාස ණය වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. මුළු ණය මුදලින් නිවාස අමාත්‍යාංශායේ 75% මුදලක් හා  සමුපකාර සමිති මඟින් 25%  මුදලක් ලබා දෙන අතර, ණය නිකුත් කිරීම හා ණය අයකර ගැනීම පිළිබඳ කාර්යය කරනු ලබන්නේ ග්‍රාමිය බැංකු  මඟිනි .

මුදල් කොමිෂන්සභා චක්‍රලේඛ අනුව,  අඩු ආදායම්ලාභීන් ලෙස සමෘද්ධි සහනාධාර හා මහජන  ආධාරලාභින් ලෙසත් වාර්ෂිකව ජන ලේඛණ හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව විසින් නිල ද්‍රරිද්‍රතා සීමාවට අනුව වර්ෂයේ දෙසැම්බර් මාසය පදනම් කරගෙන එලබෙන  වර්ෂය සඳහා ණය ලබා දීමට, දෙසැම්බර් මස එක් පුද්ගලයෙකුට මුලික අවශ්‍යතා සපුරා ගැනීමට වැය වන මුදල (බදුල්ල /මොනරාගල වෙන වෙනම)  පවුලේ  සමාජීක සංඛ්‍යාවෙන් ගුණ කිරීමෙන්  ලැබෙන අගයට වඩා අඩු අගයක් මාසික ආදායම පවතින ප්‍රතිලාභීන් අඩු ආදායම්ලාභී ලෙස ගැනෙන අතර, ඊට අදාලව නිවාස ණය මුදල් ලබා දෙන ප්‍රතිලාභින් තෝරා ගැනිමේ කාර්යය ප්‍රාදේශිය ලේකම්ගේ නිර්දේශ සහිතව පළාත් නිවාස කමිටුව විසින් සිදු කෙරේ.

එම තෝරාගන්නා අඩු අදායම්ලාභී ප්‍රතිලාභීන් වෙත රු. 100000/- ක ණය මුදල, 4% ක සහන පොළියකට ලබා දෙන අතර, එම ණය මුදල ලබා දීම හා අයකර ගැනීමේ කටයුතු ඌව පළාත පුරා විසිරි පවතින  ග්‍රාමිය බැංකු විසින් සිදු කෙරේ. මෙම රු. 100000/- ක ණය මුදල අමාත්‍යංශය මගින් ලබා දෙන රු. 75000/- සමූපකාර සමිති මගින් ලබාදෙන රු. 25000/- කින් සමන්විත වේ. මෙම ණය මුදලේ හා 4% ක පොළිය හා  සී/ස විවිධ සේවා සමුපකාර සමිති, සී/ස ග්‍රාමිය බැංකු සමිති මඟින් ලබා දෙන රු.25000.00 ක මුදලක් අදාළ සමිති මඟින් රදවා ගන්නා අතර, අමාත්‍යාංශය මඟින් ලබා දෙන රු.75000.00 ක මුදල ආපසු  අමාත්‍යාංශය වෙත ලබා දීම සිදු කෙරේ.

එම අයකර ගන්නා වාරික මුදල් මුදල් කොමිෂන් සභාවේ අනුමැතිය යටතේ ප්‍රාදේශිය සංවර්ධන බැංකුවේ තැන්පත් කරන අතර, එම ගිණුමේ පවතින මුදලින් නැවත නැවත චක්‍රියව ණය ලබා දීම සදහා භාවිතා කරනු ලැබේ.

අඩු ආදායම්ලාභී සහ හදිසි ආපදාවන්ට පත්වුවන් සඳහා ක්‍රියාත්මක නිවාස ආධාර වැඩසටහන

මුදල් කොමිසමේ සභා ලේකම්ගේ  අංක FC /3/3/2015 හා 2015.12.30 දිනැතිව නිකුත් කරන ලද මුදල් කොමිෂන් සභා චක්‍රලේඛ අංක 2016/01 දරණ  චක්‍රලේඛණය අනුව නිවසක ඉදිකිරිම් හෝ අලුත්වැඩියා කටයුතු සඳහා එක් ප්‍රතිලාභී පවුලකට අවම රු.15,000.00 ක් ද උපරිමය රු.40,000.00 ක යටත්ව, ඉඩමේ හිමිකම තහවුරු කර ගැනීමෙන් පසු අනුග්‍රහක මුදලක් ලබා දිය හැක. ඒ සඳහා පහත කරුණු වලින් එක් කරුණක් හෝ සපුරා ඇති පවුලක් බව ග්‍රාම නිලධාරී හා ප්‍රාදේශීය ලේකම් නිර්දේශ කර සහතික කර තිබිය යුතුය.

  • දිළිඳු සහනාධාර ලාභියෙකු වීම.
  • පවුලේ ආදායම උපයන්නා මිය යාම නිසා අසරණභාවයට පත්ව ඇති පවුලක්වීම.
  • ගෘහ මූලිකයා කාන්තාවක් වන අඩු ආදායම් ලාභී පවුලක් වීම.

මෙම නිර්ණායක සපුරාලන අඩු ආදායම්ලාභීන් සඳහා නිවාස ප්‍රතිසංස්කරණයට සක්‍යතාවය පරීක්ෂාකර බලා ද්‍රව්‍යාධාර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අධීක්ෂණය යටතේ ලබා දේ.

 

මිනිසාගේ මූලික අවශ්‍යතා පිළිබඳව අවධානය යොමු කරන විට ප්‍රමුඛස්ථානයක් ගන්නා අවශ්‍යතාවයකි “නිවාස”, ඌව පළාත තුළ ජීවත්වන සමස්ථ පවුල් අතරින් සැලකිය යුතු පවුල් සංඛ්‍යාවක් තවමත් මෙම අවශ්‍යතාවය නිසි ආකාරව සපුරා ගත නොහැකිව, වාසයට සුදුසු නොවන හා අනාරක්ෂිත නිවාස වල ජීවත්වේ. එවැනි පවුල් සඳහා හිසට සෙවනක් ලබා දීම තුළින් සහනයක් සැළසීම මෙම වැඩසටහනේ අරමුණ වේ.

2012 ජන හා නිවාස සංගණන දත්ත අනුව ඌව පළාතේ මුළු නිවාස සංඛ්‍යාව 330,681 ක් වේ. එයින්ද 78,304ක ප්‍රමාණයක් තාවකාලික නිවාස ලෙස හඳුනාගෙන ඇත. පැල්පත් නිවාස 1,631කි. ඒ අනුව, පැල්පත් නිවාස හා තාවකාලික නිවාස 79,395ක් වේ. මේ අතරින් ස්ථිර නිවහනක් නොමැති කමින් පීඩා විඳින ඌව පළාතේ ජනතාවට නිවාස ඉදිකර ගැනීමට රුකුලක් වීම උදෙසා  නිවාස අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක වැඩසටහන් කිහිපයකි. නිවාස ණය හා ආධාර ලබා දීම හා විශේෂ අවශ්‍යතා සහිත අඩු ආදායම්ලාභීන් සඳහා නිවාස ඉදිකර දීම ඒ අතරින් ප්‍රමුඛ වැඩසටහන් වේ.

අඩු ආදායම්ලාභී වි‍ශේෂ අවශ්‍යතා සහිත පවුල් සඳහා නිවාස ඉදිකරදීමේ වැඩසටහන

විශේෂ අවශ්‍යතා සහිත අඩු ආදායම්ලාභී නිවසක් නොමැති ඉදිකර ගැනීමේ හැකියාව නොමැති පවුල් සඳහා ප්‍රාදේශීය ලේකම්ගේ අධීක්ෂණය යටතේ අනෙකුත් රාජ්‍ය ආයතනවල හා පෞද්ගලික දානපතියන්ගේ මූල්‍ය හා ද්‍රව්‍යාධාර  සම්බන්ධීකරණය කරදෙමින් වැඩසටහනේ නිර්ණායක සපුරා ඇති අඩු ආදායම්ලාභී පවුල් සඳහා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකට එක් නිවසක් බැගින් වාර්ෂිකව නිවසක් ඉදිකිරීම සිදු කෙරේ. (නියමු ව්‍යාපෘතියකි)

නිර්ණායක

අඩු ආදායම්ලාභි පවුලක් වීම.

විශේෂ අවශ්‍යතා සහිත සාමාජිකයෙකුගේ සාමාජිකත්වය සහිත පවුලක් විම.

නිවසක් නොමැති පවුලක් විම.