පළාත් මාර්ග සංවර්ධනය

ඌව පළාතේ ජිවත්වන ජනතාවගේ අභිවෘර්ධිය සඳහා දායක වන අයුරින් ඌව පළාත්  මාර්ග සංවර්ධන අමාත්‍යාංශයට අයත් මාර්ග දෙපාර්තමේන්තුවේ ගැසට් කරන ලද පළාත් මාර්ග සංවර්ධනය කිරීම, නඩත්තු කිරීම, පරිපාලනය කිරීම, ඌව පළාත තුළ ඉදිරියේදී සංවර්ධනය කරනු ලබන මාර්ග සැළසුම් සකස් කිරීම මඟින් ඌව පළාත තුළ යහපත් මාර්ග පද්ධතියක් පවත්වාගෙන යාම, පළාතේ ජනතාවගේ සමාජ, ආර්ථික සංවර්ධනය ඉහළ නැංවීමට අවශ්‍ය කටයුතු කිරීම, ජනතාවට පහසුවෙන් ,කාර්යක්ෂමව හා අඩු වියදමකින් ගමනාගමන කටයුතු ඉටු කර ගැනීමට අවශ්‍ය සහය ලබා දීම මඟින් පළාතේ සමස්ථ සංවර්ධනයට දායක වීම, කාලීන අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි මාර්ග යාවත්කාලීන කිරීම තුළින් වාහන මෙහෙයුම් පිරිවැය හා ඉන්ධන පිරිවැය අවම කිරීම, C හා D නොවන පළාතේ ආර්ථිකයට සෘජුව දායක වන මාර්ග යාවත්කාලීන කිරීම තුළින් කෘෂිකාර්මික හා කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රවාහන පිරිවැය අවම කරමින් යටිතල පහසුකම් සැළසීම යන ප්‍රතිඵලයන් අපේක්ෂා කරනු ලැබේ.

මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ මගපෙන්විම හා පුර්ණ අධික්ෂණය යටතේ වගකීම් භාර ආයතනය ලෙස, මාර්ග සංවර්ධන  දෙපාර්තමේන්තුව මෙන්ම ප්‍රාදේශීය ඉංඡිනේරු කාර්යාලද  ඉමහත් කැපවීමකින් යුතුව වසර පුරා අඛණ්ඩව කටයුතු කරන අතර මෙම ප්‍රතිඵල ළගා කර ගැනීම සඳහා පළාත් මාර්ග සංවර්ධන දෙපාර්තමේන්තුව, මාර්ග සම්බන්ධ ගැටළු නිරාකරණය කිරීම, දැනට ගල් අතුරා තාර යොදා නඩත්තු කරනු ලබන මාර්ග වල ප්‍රවාහනය වඩා පහසු කිරීම වෙනුවෙන් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම (මාර්ග කොන්ක්‍රිට් කිරීම, කාපට් කිරීම) කාලගුණික අව බලපෑම් හේතුවෙන් පස් කඩා වැටීම්, ගල් පෙරලීම්, මාර්ග ගිලා බැසීම්, පාලම්, බෝක්කු ගං වතුර නිසා විනාශවීම්, නාය යෑම්, ජල ගැලීම්, ගස් කඩා වැටීම් වැනි  ස්වභාවික උවදුරු වලින් වන  බාධා ඉවත් කර ප්‍රවාහනයට අවශ්‍ය පහසුකම් සැපයීම තුළින් ජනතාවට වන බාධක අවම කිරීම,මාර්ග පුළුල් කිරීමේ ව්‍යාපෘති පවත්වාගෙන යාම, පළාත් මාර්ග සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් නඩත්තු වන C, D හා E  ශ්‍රේණියේ මාර්ගයකට යාබදව ගොඩනැගීමේ  සීමාව තුළ ඕනෑම ඉදිකිරීමක් කරන අවස්ථා වලදී ඔවුන්ගේ අවශ්‍යතාවය සලකා බලා නිර්වන්දි ගිවිසුම් යටතේ ඉදි කිරීම් සඳහා අවශ්‍ය කටයුතු සැලසීම, ප්‍රිමික්ස් යොදා මාර්ග නඩත්තුව ග්‍රැවල් යොදා නඩත්තුව, දෙවන වර තාර ආලේපනය, පලුදු මකා තාර දැමීම හා ගල් අතුරා තාර දැමීම, වතු මාර්ග අධිශ්‍රේණි ගත කිරීම,  පළාත් පාලන මාර්ග හා වතු මාර්ග නඩත්තුව යන ක්‍රියාවන් සිදු කරනු ලබයි.

පොදු ප්‍රවාහනය සපයන පළාතේ මාර්ග පද්ධතිය

ශ්‍රී ලංකාවේ විශාලත්වයෙන් හතරවන ස්ථානය ගන්නා ඌව පළාතේ පළාත් මාර්ග සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ මේවන විට ගැසට් කර ඇති කි.මී. 2385ක දුරක් බදුල්ල, දියතලාව, වැලිමඩ, මහියංගණය, මොණරාගල හා වැල්ලවාය යන ප්‍රාදේශිය  ඉංජිනේරු කාර්යාල මඟින් විධිමත්ව නඩත්තු කර පළාතේ ජනතාවට මාර්ග පහසුකම් සපයනු ලැබේ.  මෙම මාර්ග පද්ධතිය සෘජුවම ග්‍රාමීය කෘෂි නිෂ්පාදන ප්‍රවාහනය, මධ්‍යම හා මහා පරිමාන වතු ආශ්‍රිත නිෂ්පාදන ප්‍රවාහනය, ජනතාවගේ එදිනෙදා අවශ්‍යතා සපුරාලන මාර්ග පද්ධතියක් වන අතර, එම මාර්ගවල නඩත්තු කටයුතු නිසි ආකාරයෙන් පවත්වාගෙන යාම පළාතේ මෙන්ම රටේ ද ආර්ථික සංවර්ධනයට මනා පිටුවහලත් වනු ඇත. සම්පත් ඵලදායී ලෙස යොදා ගනිමින් තිරසාර සංවර්ධනයක් උදෙසා  පළාත් සභාවට අයත් මාර්ග නඩත්තුව හා සංවර්ධනය කිරීම මගින් සාධාරණ ගමන් කාලයක් සහිත සුව පහසු වු වැඩි දියුණු කළ මාර්ග පද්ධතියක් ඇති කිරීම හා ඵමඟින් ඌව පළාතේ සංවර්ධනයට දියුණු මාර්ග පද්ධතියක් දායක කිරීම සඳහා ඌව පළාත් සභාවට දායකත්වය සපයයි

ඌව පළාතේ ජන ඝනත්වයට සාපේක්ෂව මාර්ග ඝනත්වය

ඌව පළාතේ ජනගහනය 1,265,355 පමණ වන අතර, පළාත තුල පවතින මාර්ග ප්‍රමාණය දිගින් 14,472 km ක් වේ. පළාතේ ජන ඝනත්වයට සාපේක්ෂව මාර්ග ඝනත්වය (14472/1265355) සියයට 1.143Km වේ.

පළාත් මාර්ග සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් මාර්ග