නිතර අසන පැන


අබලන් වු මාර්ග සකස් කිරිම සඳහා වාර්තා කරන්නේ කා වෙතද?

A හා B ශ්‍රේණියේ මාර්ග – මාර්ග සංවර්ධන අධිකාරියට
C හා D ශ්‍රේණියේ මාර්ග – පළාත් මාර්ග සංවර්ධන අමාත්‍යාංශය‍ට
(ගැසට් කරන ලද) –
E ශ්‍රේණිය හා වෙනත් ග්‍රාමීය මාර්ග-
පළාත් පාලන මාර්ග – අදාල පළාත් පාලන ආයතනයට (මහ නගර සභාව, නගර සභාව, ප්‍රාදේශීය සභාව) හෝ
පළාත් පාලන කොමසාරිස්, පළාත් පාලන දෙපාර්තමේන්තුව , බදුල්ල

නිවාස ණය හා ආධාර ලබා ගැනීමට සපුරා ලිය යුතු සුදුසුකම් මොනවාද?

සමෘද්ධිලාභි හා අවු. 5ක් මහජනාධාර ලබාගත් අයෙකු විය යුතුයි.

ජලසම්පාදන වැඩ සටහන ක්‍රියාත්මක කරනු ලබන ආකාරය කුමක්ද?

ඌව පළාතේ සියලුම ප්‍රාදේශිය සභා හා ප්‍රාදේශිය ලේකම්වරුන් මඟින් යෝජනා ලබා ගෙන ඉදිරි වර්ෂය සඳහා සැලැස්ම සකස් කර එම වර්ෂය සදහා වෙන්වී ඇති අනුමත ප්‍රතිපාදන සීමාව තුල ජල සම්පාදන මණ්ඩලය, ප්‍රාදේශිය ඉංජිනේරු කාර්යාල හා ප්‍රාදේශිය සභා හරහා වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබේ.

ජල ටැංකි හා ළිං ඉදිකිරිම සඳහා වාර්තා කල යුත්තේ කෙසේද?

ප්‍රාදේශිය සභා ගරු සභාපති මඟින් අමාත්‍යාංශය වෙත යෝජනා ඉදිරිපත් කල හැක.