බදුල්ල හා මොනරාගල දිස්ත්‍රික්කවලින් යුතු ඌව පළාත විවිධ භූවිෂමතා ලක්ෂණ වලින් ගහන විශාලත්වය අතින් ලංකාවේ සිව්වන ස්ථානය හිමි කර ගන්නා පළාතක් ලෙස හදුන්වා දිය හැකිය. මිලියන 1.32ක් වන මුළු ජන ගහනයෙන් සියයට 14.6ක් තරම් වූ ප්‍රතිශතයක් වතු ආශ්‍රිතව ජීවත් වේ.ඌව පළාතේ වතු කොට්ඨාශ 300ක ජීවත්වන පවුල් සංඛ්‍යාව 45,000ක් පමණ වේ. මෙම ජන කොට්ඨාශයේ දරිද්‍රතා මට්ටමද ඉහළ අගයක් ගනී.

වතුකරයේ  ජීවත් වන මෙම ජනතාවට මුහුණ පෑමට සිදුව තිබූ ප්‍රධාන දුෂ්කරතා ලෙස, ජීවත් වීමට සුදුසු මට්ටමේ නිවාස නොමැති වීම, යහපත් මාර්ග පද්ධතියක් වතු තුළ නොමැතිවීම, පිරිසිදු පානීය ජලපහසුකම් නොමැතිවීම, සනීපාරක්ෂක පහසුකම් අවම මට්ටමක පැවතීම, අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින දුර්වලතා හඳුනා ගෙන  මෙම ගැටළු සඳහා විසදුම් ලබා දෙමින් වතු කරයේ ජීවත්වන ජනතාවගේ ජීවන තත්වය නගා සිටුවීම සඳහා වතු යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන යටතේ නොයෙකුත් ව්‍යාපෘතීන් ක්‍රියාවට නංවා ඇත.

වතු සමාගම් විසින් මෙම සේවකයන් සඳහා ප්‍රමාණවත් දින ගණනක් සේවය ලබා නොදීම හේතුවෙන් මාසික ආදායම ඔවුන්ගේ මූලික අවශ්‍යතවයන් ඉටු කර ගැනීමට පවා ප්‍රමාණවත් නොවන බව නිරීක්ෂණය වේ.

මේ නිසා ඔවුන් සතු සීමිත සම්පත් උපයෝගී කර ගෙන කෘෂි කර්මාන්තය, සත්ව පාලනය වැනි ක්ෂේත්‍ර වලට සුළු වශයෙන් යොමු කිරීමට කටයුතු කර ඇතත්, මොවුන්ගේ අස්වැන්න සඳහා සාධාරණ මිලක් ලබා ගැනීමට නොහැකි වී ඇත. මෙයට හේතු වී ඇත්තේ ඔවුන්ගේ අස්වැන්න වෙළඳපොළ කරා ප්‍රවාහනය කර ගැනීමට පැවති දුෂ්කරතාවයයි. මෙයට ප්‍රධාන වශයෙන් බලපෑවේ වෙළදපොළ හා ඔවුන්ගේ වාසස්ථානය අතර පවතින දුරස්ථ බව සහ ප්‍රවේශ මාර්ග දැඩි ලෙස අබලන් තත්වයේ පැවතීමයි.

 

මෙම තත්වය නිසා මෙම කෘෂි ආශ්‍රිත නිෂ්පාදන ප්‍රවාහනය සඳහාත්, යෙදවුම් ප්‍රවාහනය සඳහාත් විශාල වියදමක් දැරීමට මොවුන්ට සිදු විය. එමෙන්ම අත්‍යාවශ්‍ය ගමන් බිමන් සඳහා වන පහසුකම් ඉතා අඩුවීමද මෙම ජනතාවට මුහුණ පෑමට සිදුව තිබූ ප්‍රධාන ගැටළුවකි. විකල්ප ප්‍රවාහන ක්‍රමවේද නොමැති විවිධ ඉසව් සඳහා ක්‍රීඩා තරඟ පැවැත්වීම වැනි වැඩ සටහන් ක්‍රියාත්මක කරමින් වතු අංශයේ තරුණ තරුණියන් ක්‍රීඩාව කෙරෙහි නැඹුරු  කිරීමටද, කටයුතු කර ඇත. මෙවැනි ගැටළු නිසා මෙම ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව සිටියහ. මෙම ගැටළු සඳහා පිළියම් වශයෙන් මෙම වැඩසටහන යටතේ වතු මාර්ග සංවර්ධනය සඳහා කටයුතු කරමින් පවතී.

වතු ජනතාවගේ දූදරුවන් සඳහා රැකියා අවස්ථා සෘජුවම වතු සමාගම් තුළ නොලැබෙන බැවින්, ඔවුන් දැඩි රැකියා අර්බුදයකට මුහුණපා සිටියි. පාසල් හැර යන්නන්ගෙන් ඉතාම සීමිත ප්‍රමාණයක් විවිධ නගර වල සුළු වැටුපකට තාවකාලික රැකියා වලට යොමු වීම දක්නට ලැබේ. පාසල් හැර යන්නන්ගේ විශාල ප්‍රමාණයක් සඳහා වෘත්තීය පුහුණුවක් ලබා ගැනීමට අවස්ථාවක් ද නොමැති අතර ස්වයං රැකියාවක් කිරීම සඳහා ද සම්පත් හිඟය දැඩි සේ ඔවුන් කෙරෙහි බලපා තිබේ. මෙම තත්වය වටහා ගනිමින් වතු යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන මඟින්  වතු අංශයේ පාසල් හැරගිය තරුණ තරුණියන් රැකියාවලට යොමු කිරීම අරමුණු කරගෙන දේශීය හා විදේශීය රැකියා වෙළඳපොළ ඉලක්ක කර ගනිමින් රැකියා ගත පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සිදු කරනු ලැබේ. එමෙන්ම වතු කරයේ තරුණ තරුණියන්ගේ කුසලතා සංවර්ධනයට හා සහයෝගී තාවය වර්ධනය කිරීම සඳහා පළාත් සභාව මඟින් විවිධ ඉසව් සඳහා ක්‍රීඩා තරඟ පැවැත්වීම වැනි වැඩ සටහන් ක්‍රියාත්මක කරමින් වතු අංශයේ ජනතාව ක්‍රීඩාව කෙ රෙහි නැඹුරු  කිරීමටද, කටයුතු කර ඇත.

වතු සමීක්ෂණ තොරතුරු 2016