අරමුණු

  • විධිමත් මාර්ග පද්ධතියක් පවත්වාගෙන යාම තුළින් ජනතාවගේ ප්‍රවාහන පහසුකම් සපුරාලිම.
  • අඩු ආදායම්ලාභී ජනතාවගේ නිවාස අවශ්‍යතාවය සපුරාලීම.
  • පළාත්වාසි ජනතාවගේ පිරිසිදු හා ආරක්ෂිත පානීය ජල අවශ්‍යතා ඉටුකර දිම.
  • වතු ජනතාවගේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරිම.
  • සමුපකාර ප්‍රජාවගේ ජීවන තත්වය වර්ධනයට දායක වීම.

 

කාර්යභාරය

පළාත් මාර්ග සංවර්ධන වැඩසටහන.
ඌව පළාත් සභාවට අයත් සී හා ඩී ශ්‍රේණියේ මාර්ග නිසි පරිදි නඩත්තු කිරීම, වැඩිදියුණු කිරීම හා සංවර්ධනය කිරීම සඳහා ප්‍රතිපත්ති තීරණ ගැනීම, සැලසුම් සකස් කිරීම හා ඊට අදාලව මාර්ග දෙපාර්තමේන්තුව සහ විදේශාධාර ව්‍යාපෘති මෙහෙයවීම.

නිවාස සංවර්ධන වැඩසටහන.
නිවසක් තනා ගැනීමට නොහැකිව අසරණභාවයට පත් ජනතාවට ආධාර ලබාදීම අඩු ආදායම්ලාභීන්ට නිවාස ණය ලබාදීම මගින් ඔවුන්ගේ මූලික නිවාස අවශ්‍යතාව ඉටු කිරිම.

ජල සම්පාදනය වැඩසටහන.
ජල සම්පාදන මණ්ඩලය හෝ වෙනත් ආයතනයක් මඟින් පිරිසිදු හා ආරක්ෂිත පානීය ජල පහසුකම් නොලබන ජනතාවගේ එදිනෙදා පානීය ජල අවශ්‍යතා සපුරාලීම.

වතු යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන.
වතු යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම තුළින් වතු ක්ෂේත්‍රයේ ජනතාවගේ ජීවන තත්වය නගාසිටුවීමට දායක වීම.

සමුපකාර සංවර්ධන වැඩසටහන.
ඌව පළාතේ විවිධ සේවා හා අනෙකුත් සමූපකාර සමිතිවල කාර්යක්ෂමතාවය හා ඵලදායිතාවය වැඩිදියුණු කිරීම තුළින් සමුපකාර ප්‍රජාවගේ වර්ධනය උදෙසා සමුපකාර දෙපාර්තමේන්තුවේ කටයුතු මෙහෙය වීම හා අධීක්ෂණය.