ශ්‍රී ලාංකික සමුපකාර ව්‍යාපාරයේ ආරම්භක අවධියේ නොමැකෙන මං සළකුණු සනිටුහන් කරමින් ඌව පළාත හා එහි ජනතාව සියවසකුත් ඉක්මවා ඇති අතර, වර්තමානයේදීත් ඌව පළාතේ ක්‍රියාත්මක සමුපකාර ව්‍යාපාරය හා අඛණ්ඩව බැදී සිටින්නේ එපමණ කාලයක් තුළ උපයාගත් සාර්ථක අත්දැකීම්, දැනුම, ආකල්ප හා ප්‍රතිලාභ  නිසාය.

විවිධ වූ සමුපකාරික අරමුණු ඉටුකර ගැනීම සඳහාත් සඳහා ග්‍රාමීය, නාගරික හා වතු ආශ්‍රිත ප්‍රජාව සංවිධානය වෙමින් ඌව පළාත පුරා සමුපකාරික සමිති පිහිටුවා ඇති අතර,  මේ සඳහා අවශ්‍ය දැනුම, උපදේශන සේවා, අධීක්ෂණ, මෙහෙයුම් , ප්‍රගතිය හා විගණන කටයුතු ඉටුකරදීමට සහය රාජ්‍ය යාන්ත්‍රණයෙන් ලබාදෙනු ලැබේ.

ඌව පළාත තුල වූ මෙකී සංවිධාන ගත වූ සමිතිවල කටයුතු විධිමත් කිරීම, සමුපකාරික ප්‍රජාවට වඩා යහපත් වූ සේවාවක්  ඉටුකරමින් සමිතියේ කටයුතු ලාභදායීව පවත්වාගෙනයාම, කාලීනව ඇතිවන ගැටළු අවම කිරීම හා රාජ්‍ය ප්‍රතිපත්තීන් වලට අනුකූලව සමිති පවත්වාගෙන යාම සඳහා ප්‍රඥප්ති සම්පාදනය, ප්‍රඥප්තිවලට අදාලව පනවා ඇති රීතිමාලාව, වරින්වර නිකුත් කරනු ලබන උපදෙස් හා චක්‍රලේඛ සම්පාදනය කර ඇත.