75 වන නිදහස් දින උළෙල  හා සමඟාමීව රට පුරා රුක් රෝපණ වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදී.  ඊට සමගාමීව ඌව පළාත් මාර්ග සංවර්ධන ,නිවාස, ජලසම්පාදන හා සමුපකාර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයද රුක් රෝපණ වැඩසටහන් ස්ථාන  තුනකදී  ක්‍රියාත්මක කරන ලදී.

 ඒ අනුව  මෙම අමාත්‍යාංශයේ ජලසම්පාදන විෂය යටතේ ජල පෝෂක සංරක්ෂණය කෙරෙහි නිරන්තර අවධානය යොමු කර කරනු ලබයි.  මෙම ජල පෝෂක ප්‍රදේශ සංරක්ෂණය කිරීම අරමුණු කරගනිමින්  මෙම අමාත්‍යාංශයේ  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් තොරතුරු රැස්  කර ගන්නා ලදී. ඒ අනුව අදාළ ජල පෝෂක ප්‍රදේශ  ආශ්‍රිතව  පැල  රෝපණය කිරීමට  ඇති ඉඩකඩ , රෝපණය කරන ලද පැල ආරක්ෂා කර ගැනීමේ හැකියාව යන තත්වයන්ගේ යෝග්‍යතාව මත මෙම රුක් රෝපණ වැඩසටහන සඳහා කන්දකැටිය, පස්සර හා හාලිඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ආශ්‍රිත  ජල රක්ෂිත මේ සඳහා තෝරා ගන්නා ලදි.

ඒ අනුව 2023/02/03  වන දින කන්දකැටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ගලඋඩ පාසල අසල රක්ෂිතයේ රුක් රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලද අතර ඒ සඳහා කුඔුක් පැල 100 ක් මෙම අමාත්‍යාංශය මඟින් ලබා දෙන ලදී. කන්දකැටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා මෙම අමාත්‍යාංශයේ මඟපෙන්වීම හා අධීක්ෂණය යටතේ  ප්‍රදේශවාසීන්ද සම්බන්ධ කර ගනිමින් ඉතා සාර්ථකව පවත්වන ලදී.

එමෙන්ම 2023/02/07  වන දින  පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මීරියබැද්ද දඹේවෙල උඩඅරාව රක්ෂිතයේ රුක් රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලද අතර ඒ සඳහා කුඔුක් පැල 100 ක් මෙම අමාත්‍යාංශය මඟින් ලබා දෙන ලද අතර  පස්සර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් තවත් පැල වර්ග කිහිපයක් එම රක්ෂතයේ සිටුවීමට කටයුතු කරන ලදී. එයද ප්‍රදේශයේ ජනතාව හා අමාත්‍යාංශයේ නිලධාරීන්,  ප්‍රාදේශීය ලේකම් කාර්යාල සම්බන්ධ කර ගනිමින් ඉතා සාර්ථකව ක්‍රියාත්මක කරන ලදී.

Picture Gallary


2022 වර්ෂයේ සේවාරම්භයට ප්‍රථමව පිරිත් සජ්ඣායනා කිරීම 

74 වන නිදහස් දින සමරු උළෙල හා සමඟාමීව ඌව පළාත් මාර්ග සංවර්ධන,නිවාස,ජල සම්පාදන,වතු යටිතල පහසුකම් සහ සමුපකාර කටයුතු පිළිබඳ අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන ලද  රුක් රෝපන වැඩසටහන

“අභියෝග ජයගත් ඉසුරුමත් හෙට දිනයක් සෞභාග්‍යමත් මව්බිමක් “ තේමාව කරගනිමින් 74 වන නිදහස් උළෙල හා 75 වන දියමන්ති ජුබිලිය අභිමානවත් අයුරින් සැමරීම අරමුණු කරගනිමින් රුක් රෝපණ වැඩසටහන් ශ්‍රමදාන ,ආක්‍රමණික ශාඛ ඉවත් කිරීමේ වැඩසටහන් රටපුරා පවත්වනු ලැබීය.
74 වන නිදහස් සමරු දින උළෙල නිමිති කර ගනිමින් ඌව පළාත්, මාර්ග සංවර්ධන, නිවාස, ජලසම්පාදන, වතුයටිතල පහසුකම් හා සමුපකාර අමාත්‍යංශය විසින්ද රුක් රෝපණ වැඩ සටහන් හා පැළ බෙදා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
ඌව පළාත්, මාර්ග සංවර්ධන, නිවාස, ජලසම්පාදන, වතුයටිතල පහසුකම් හා සමුපකාර අමාත්‍යංශය වෙත පැවරී ඇති විෂය පථයට අනුව ජලසම්පාදන විෂයට අදාළ ජල පෝෂක සංරක්ෂණය අරමුණු කර ගනිමින් ප්‍රාදේශිය ලේකම් කාර්යාල මට්ටමින් ජල පෝෂක පිළිබඳ තොරතරු රැස් කරගනිමින් මෙම ජල පෝෂක ආශ්‍රිතව පැල රෝපණය කිරිීමට ඇති ඉඩකඩ, රෝපණය කරන ලද පැල ආරක්ෂා කර ගැනීමේ හැකියාව යන තත්වයන්ගේ යෝග්‍යතාව මත මෙම පැල රෝපණය සඳහා හපුතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා ලුණුගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් ජල පෝෂක රක්ෂිතයන් තෝරාගන්නා ලදී.
ඒ අනුව 2022/02/04 දින ජල පෝෂක සංරක්ෂණය අරමුණු කර ගනිමින් හපුතලේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට අයත් ග්ලැනෝර් අමුණුකැලේ ජල පෝෂක රක්ෂිතයේ පැල 200ක් රෝපණය කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී. මේ සඳහා අමාත්‍යංශය මඟින් අවශ්‍ය පැල ලබා දෙන ලද අතර හපුතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා මෙම අමාත්‍යංශයේ අධීක්ෂණය යටතේ මෙම වැඩසටහන පවත්වන ලදී.
2022/02/08 දින ඌව පළාත්, මාර්ග සංවර්ධන, නිවාස, ජලසම්පාදන, වතුයටිතල පහසුකම් හා සමුපකාර අමාත්‍යංශය විසින් අමාත්‍යංශ භූමියේ පැල රෝපණය කිරීමේ වැඩසටහනක් හා අමාත්‍යංශයේ සියළු නිළධාරීන් හට තම ගෙවතු හෝ නිවෙස් ආශ්‍රිත රක්ෂිතවල සිටුවීමට සුදුසු පැල බෙදාදීමේ වැඩසටහනක් පවත්වන ලදී.
ලුණුගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් වැරැල්ලපතන ඉහළ ජල පෝෂක රක්ෂිතයේ ද පැළ සිටුවීමේ වැඩසටහනක් 2022/02/10 දින පවත්වන ලද අතර මෙම අමාත්‍යංශය හා ලුණුගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අධීක්ෂණය යටතේ මෙම රක්ෂිතයේද පැල 150ක් පමණ රෝපණය කරන ලදී.

හපුතලේ ප්‍රා.ලේ.කො. ග්ලැනෝර් අමුණුකැලේ  ජල පෝෂක රක්ෂිතයේ පැල සිටුවීමේ වැඩසටහන 2022/02/04

ලුණුගල ප්‍රා.ලේ.කො. වැරැල්ලපතන ඉහළ ජල පෝෂක රක්ෂිතයේ පැල සිටුවීමේ වැඩසටහන 2022/02/10